Oki Doki සමඟ
ඔබේ අනාගතයට පිවිසෙන්න
ඔබ ට්රක් රථයක හිමිකරුවෙක්ද? දිවයිනේ ප්රමුඛ පෙලේ ප්රවාහන ආයතනයක් වන Oki Doki ආයතනයේ සාඩම්බර සාමාජිකයෙකු වීමට ඔබ කැමතිද?
සීදුව, කොටුගොඩ පදිංචි ඔහු Oki Doki සමඟ වසර 13 ක් මුළුල්ලේ ඇප කැප වුණ අපගේ සාඩම්බර රියැදුරෙකි.
ආරක්ෂිතව රිය පැදවීමේදී නිරතුරුවම ඉවසීමේ වැදගත්කම අවධාරණය කරන ඔහු, මහ මඟදි ජීවිත ආරක්ෂා කිරීම සහ ප්රවාහන ක්ෂේත්රයේ අභියෝග ගැන තමන් සතු පුළුල් දැනුම සහ විචක්ෂණ බුද්ධිය ඔහු අප සමඟින් නිරන්තරයෙන් බෙදාහදා ගනී.
Oki Doki වෙතින් ලබාදෙන දීමනාවන් සහ ජීවිත රක්ෂණය පිළිබඳ ඔහු තම කෘතවේදී බව ප්රකාශ කරයි.
පසුගිය වසර 8ක කාලය පුරා අපගේ Oki Doki කණ්ඩායමේ වටිනා සාමාජිකයෙකු වශයෙන් කටයුතු කර ඇත.
අභියෝගාත්මක ආර්ථික තත්ත්වයකදී ට්රක් රථ රියදුරන් වෙත Oki Doki අප විසින් ක්රියාවට නැංවූ ටයර් බෙදාහැරීමේ වැඩසටහන හරහා ලබා දුන් වටිනා සහාය පිළිබඳ ඔහුගේ අත්දැකීම් ඔහු බෙදා හදා ගනී.
අඛණ්ඩව අපගේ තත්ත්වය උසස් කිරීම සඳහා දායක වන ඔහු වැනි කැපවූ රියැදුරු මහත්වරුන්ගේ සේවය අපි නිරතුරුවම අගය කරමු.