සැපයුම්කරුවන් ලියාපදිංචිය

Oki Doki සමඟ
ඔබේ අනාගතයට පිවිසෙන්න

ඔබ ට්‍රක් රථයක හිමිකරුවෙක්ද? දිවයිනේ ප්‍රමුඛ පෙලේ ප්‍රවාහන ආයතනයක් වන Oki Doki ආයතනයේ සාඩම්බර සාමාජිකයෙකු වීමට ඔබ කැමතිද?

Oki Doki ආයතනය සිය කණ්ඩායම සමඟින් එක්කර ගැනීම සඳහා කැපවීමෙන් සේවය කළ හැකි වෘත්තිකයින් නිරතුරුවම සොයමින් සිටියි.
Oki Doki හි සාඩම්බර සාමාජිකයෙකු ලෙස, ඔබ අපගේ කාර්යක්ෂමතාවයෙන් සහ විශ්වසනීයත්වයෙන් ඉහළ, භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සැපයීමේ මෙහෙයුම් කාර්යයන්හී අත්‍යවශ්‍ය පිරිසක් වනු ඇත.
අපි ඔබගේ ප්‍රවීණතාවය හා කැපවීම අගය කරන බැවින්, ඔබගේ සාර්ථකත්වයට සහ නිරන්තර වර්ධනයට සහාය වන පරිසරයක් ඔබ වෙනුවෙන් නිර්මාණය කරන්නෙමු.
අප සමඟින් එක්වීමට ඔබ කැමති නම්, කරුණාකර පහත සඳහන් ලියාපදිංචි පෝරමය පුරවන්න.
අපි එකට එක්ව සාර්ථකත්වය කරා ධාවනය කරමු!
මේ සුමිත් අමරතුංග!

Oki Doki කණ්ඩායමේ සාඩම්බර සාමාජිකයෙක්.

සුමිත්, වාහන 26 කින් යුත් ඔහුගේ රථ වාහන බල ඇණිය සඳහා මාසික දීමනාවන් ලබාදීම, ඉන්ධන හා රියැදුරු විය හියදම් ආවරණය කිරීම සඳහා Oki Doki හී කැපවීම පිළිබඳව තම සතුට ප්‍රකාශ කරයි.

මේ කුමාර ප්‍රනාන්දු!

සීදුව, කොටුගොඩ පදිංචි ඔහු Oki Doki සමඟ වසර 13 ක් මුළුල්ලේ ඇප කැප වුණ අපගේ සාඩම්බර රියැදුරෙකි.

ආරක්ෂිතව රිය පැදවීමේදී නිරතුරුවම ඉවසීමේ වැදගත්කම අවධාරණය කරන ඔහු, මහ මඟදි ජීවිත ආරක්ෂා කිරීම සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අභියෝග ගැන තමන් සතු පුළුල් දැනුම සහ විචක්ෂණ බුද්ධිය ඔහු අප සමඟින් නිරන්තරයෙන් බෙදාහදා ගනී.

Oki Doki වෙතින් ලබාදෙන දීමනාවන් සහ ජීවිත රක්ෂණය පිළිබඳ ඔහු තම කෘතවේදී බව ප්‍රකාශ කරයි.

මේ විජේසිංහ!

පසුගිය වසර 8ක කාලය පුරා අපගේ Oki Doki කණ්ඩායමේ වටිනා සාමාජිකයෙකු වශයෙන් කටයුතු කර ඇත.

අභියෝගාත්මක ආර්ථික තත්ත්වයකදී ට්‍රක් රථ රියදුරන් වෙත Oki Doki අප විසින් ක්‍රියාවට නැංවූ ටයර් බෙදාහැරීමේ වැඩසටහන හරහා ලබා දුන් වටිනා සහාය පිළිබඳ ඔහුගේ අත්දැකීම් ඔහු බෙදා හදා ගනී.

අඛණ්ඩව අපගේ තත්ත්වය උසස් කිරීම සඳහා දායක වන ඔහු වැනි කැපවූ රියැදුරු මහත්වරුන්ගේ සේවය අපි නිරතුරුවම අගය කරමු.

ඔබ ලොරිරථ හිමිකරුවෙකුද?

Oki Doki සමූහය සමඟ එකතු වීමට මෙම පෝරමය පුරවන්න.

    Speak to an Expert

    Send Us an Email

      hello@okidoki.global

    Visit Our Socials